වරදට එරෙහිව….අවි ඔසවන්නේ…. රටකට දැයකට හිත ඇති මිනිසුන්….!!!
දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අලුගොසුවනේ එල්ලාපන්….
අලුගොසුවනේ එල්ලාපන්….
කටු ඉඹුලේ අප එල්ලාපන්….
යුක්තිය උදෙසා…. කෑමොර දීමයි….
යුක්තිය උදෙසා…. කෑමොර දීමයි….
දගගෙයි ලෑමට අප සැම කල පව
මුඛවාඩම් බැද එකෙකු නසන කල
දනිවු සුවහසක් තව උපදින බව….
දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අලුගොසුවනේ එල්ලාපන්….
අලුගොසුවනේ එල්ලාපන්….
කටු ඉඹුලේ අප එල්ලාපන්….
වරදට එරෙහිව..අවි ඔසවන්නේ
රටකට දැයකට හිත ඇති මිනිසුන්
ශාන්තිවාදී තපස් රකින්නේ
පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්…
දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
අලුගොසුවනේ එල්ලාපන්….
අලුගොසුවනේ එල්ලාපන්….
කටු ඉඹුලේ අප එල්ලාපන්….
ස්තූතිය මචංගේ කියුම් කෙරුම් ලියන සහෝදරයාට….!!!
http://kollokello.blogspot.com/2010/02/o.html
JVP අලුගෝසුවෝ තමයි ඔය රටක් වටින මිනිහව නිරපරාදේ මරලා දැම්මේ! දැන් විළි ලැජ්ජාවක් නැතුව ඒ මිනිහගෙම සිංදුවක් අරන් පෙළපාලි යන්වා. මිනීවලේ ඉඳන් විජය ජෙප්පන්ට පස්ස පැත්තෙනුත් හිනාවෙනව ඇථි. මුන්ගේ මේ ගොන්කම් දැක්කම හිනාවෙන්නද අඳන්නද කියලා හිතා ගන්න බැරුව යනවා
By: No Frames on February 12, 2010
at 2:09 AM
මචං ට දාන්න හිතාගෙන හිටපු කමෙන්ට් එක පහුවෙලා හරි උඹට දානවා.
මා කැමති සිංහල ගීත අතරින් ඉතාමත් කැමති ගීතයක්. විශේෂයෙන්ම මෙම ගීතයේ අර්ථය වඩාත් උද්දීපනය වන්නේ විජය නම් වූ නළුවා හරහා නොව විජය නම් වූ දේශපාලනඥයා නිසාය. අනෙක් අතට විජය ගේ හඩ පෙ!රැෂය නැවත නැවතත් ගීතය උපරිම ජවයෙන් සහෘදයා ගේ සදසවන මත පතිත කරවනවා.
නන්දා මාලනියගේ දේශපාලන ගී රැසක් අතරේ වුවද විජගේ මේ එකම දේශපාලනික ගීතය අපට දැනෙන්නේ එහෙයිනි. බොබ් මාලේගේ ගීත තරමටම විජයගේ මේ ගීතය දේශපාලනිකයි. සහාකාලිකයි. කලා කෘතියක් සර්වකාලීන විය යුත= යයි කින්නේ එනිසයි.
ගීතයේ රචකයා ගැන මචං සටහන් කරලා තිබුනෙ නැහැ. එයත් සටහන් කිරීම ඔහුට කරන ගරැ බුහුමනකි.
By: Thisara on February 12, 2010
at 3:37 AM
Ela machan
By: baba on February 12, 2010
at 4:05 AM
පිට කොදු බිදගත් ඔල මොල නිවටුන්ට බය නොවෙමු.
By: yasith on February 12, 2010
at 4:06 AM
ජනතා වස් කවිය
(ලංකා ඊ නිව්ස් 2010.පෙබ.11 ප.ව.5.35)
රටපැතු යුද විජය සරි කොට නැඟ+ දද
යුග පුතු රැගෙන ගිය පුවතකි දිදී වද
නෙතු මුතු කදුළු දිය වැගිරෙති දවා හද
දැය සතු පැතුම විය සිරගත කලේ අද
විරුවෙකු යුධෙහි වැද බල මුළු ගෙන අණට
සමතෙකු එසවු දද සතුරකු සෙස නොකොට
උතුමෙකු පය නොවැඳ සිරකොට ජඩ ලෙසට
ගුණමකු රජු දුටිද, සැලකුව හැටි ඔහුට
ලැබුවේ පොකුරු තරු නිළ සළු උර මතට
බොරුවේ රැඟ=මකට නොව සුරු විරු බවට
හමුවේ සතුරු සෙන දිරියෙන් පසු නොබට
දිනුවේ කුරිරු කොටි දෙටුවන් නිසල කොට
රුපුනට බිය දුනෙකි- නයෙකුට අඳු මිටෙකි
සටනට විදු නෙතකි- අවියට හුරු අතෙකි
විනයට ඉඳුඛිලෙකි- සොරුනට ගහලයෙකි
මිලකට ගත නොහැකි – දැයකට අබිමණකි
වැනසුම භයානක කොටි බල දරුණුතම
සිරසම දරා පැසසිය යුතු නිබඳවම
මැතිතුම සරත් ෆොන්සේකා සෙනෙවි නම
හිස බිම තබා හද බැතියෙන් වඳිමි මම
අවිගත් අපේ දැය බිය කළ කොටි වැනසූ
ලොව නෙත් අයා සිය විමතිය තොස පැවසූ
ගිනිගත් සමාජය සනහන්නට ගිවිසූ
සෙනරත් තුමාමය රජ කිරුළට සුදුසු
ඔහු දිනු ජන වරම පෙනි පෙනි සොරාගෙන
රජ වුනු ජඩ අධම නිරිඳුනි අශෝබන
මුදවනු ඔහු අදම යොදමිනි තගේ නැණ
එනුවුනු එමු රටම ගඟ මෙනි ගලා ගෙන
කතිරෙට ඡන්දයට හිමි තැන ලැබී නැත
සොරුනට චන්ඩිනට රට නතු වෙලා යත
කැපකොට පින් බිමට මිය යමු එකා මත
අවියට උන්ඩයට බිය නැත අපේ හිත
අරගෙන කැති පොරෝ හිරමන වලං කටු
දරමින බැති සෙනේ දැය ගැන කෙලින් සිටු æ
සඟ ඝන යති වරුන් නෙක වන දහම් දුටු æ
පෙරමුණ වෙති, යමව් යුතුකම කරවි ඉටු
නොමනා කම්වලින් ගිනිතබන මෙදෙරණ
විකුණා කති රජුන වැසි සුදන මරමින
මෙතිනා දැය වෙතින පෙරලනුව මෙදුදන
මහනාහිමි වරුනි ගනු මැනව පෙරමුණ
දළදා හිමි සදිනි ඔබ සතු ප්‍රතිභාව
විහිදා බුදු කිරණ දස දිග නොපමාව
නොපුදා රට සොරාගත් සොර දෙටුවාව
බිමදා රජ කරනු මැන යලි ජනතාව
-විජිත ජයතිලක-
By: sira on February 12, 2010
at 8:49 AM