Posted by: urajdrlkelakiri | January 25, 2009

මේ කවුද….??? මොනවද කරන්නේ….??? කොහෙද ඉන්නේ….???

ඔන්න ඉතින් මමත් හා හා පුරා බ්ලොග් ලියන්න පටන් ගත්තයි කියමුකො…..!!!! 

ඔන්න මම නම් මේ වැඩේට අළුත් ඒ නිසා මගෙන් වැරැද්දක් උනොත් පෙන්වලා දෙනවට මගේ කිසිම අහිතක් නෑ….!!! 

ඔන්න එහෙනම් කොල්ලා වැඩේට බැස්සා…. කාටවත් කරදරයක් නෑ නේද මගෙන්….???

එහෙනම් ඉස්සෙල්ලම මගේ ගැන විස්තර ටිකක් කියලා ඉන්නම්කෝ….එහෙම හොදයි නේද….?? 

මගේ නම යුරාජ් දීමන්ත…. ටිකක් අමුතු නමක් වගේ දැනෙනවානම් ඉතින් සොරිම තමයි….!!! හැබැයි මට තේරුම් ගන්න බෑ ඇයි එතකොට කාටවත් ඉරාජ් කියන නමත් නිකං uncommon වගේ නොදැනෙන්නේ කියලා….???  

ගම බියගම (බියගම කිව්වට, ඔන්න මං නම් යකෙක්ටවත් බය නෑ හරිද…??) 

ඔන්න මේ පැත්තේ ආවොත් මාවත් මුනගැහිලා යන්න අමතක කරන්න එපා….!!

දැනට නම් වැඩ කරන්නේ Job Less Company එකේ තමයි….

OL (1998) කරපු කාලේ ඉදලා හැදුන පිස්සුව නම් තවම හොද වෙලා නෑ….!!  

Computer Field එක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ආසාවෙන් හිටියත් හැම දෙයක්ම බාගෙට කරන එක මගේ ලොකුම හැකියාවක් තමයි ඉතින්….!!! (අනික මට සෙට් වෙන්නෙත් මොකක් හරි case එකක් තියෙන IT උගන්වන තැන් තමයි…. ඒ ගැන විස්තර තව ඉස්සරහට කියන්නම්කෝ….) 

මේ blog එකවත් දිගටම කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….!!! 

මම මේ සිංහල blog ලිවිල්ලට පාත් උනේ අපේ මලින්තගේ, සුදාරකගේ…. (අම්මෝ නම් වශයෙන් කියන්න ගියොත් ඉවරයක් කරන්න බැරි වෙයි….) වැඩ දැකලා තමයි….!!  

අනික මාව මේ සිංහලෙන් ලිවීමට උනන්දු කල තවත් කෙනෙක් තමයි අපේ ගාල්ලේ ගයාන් කල්හාර මල්ලියා (බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගේන්න එපා කියලයි අම්මා නම් මට කියලා තියෙන්නේ…. ඒත් මේකා හොද කොල්ලා…. මාර helpful බුවා….) පොඩියට හිටියට හෙන වැඩ කාරයා…. ඔන්න ඉතින් ගයාන් මල්ලියටත් 1000 thank you කිවුවා ….!!! 

ආයේ ඉතින් අපේ එලකිරි අඩවියේ කට්ටියටම ස්තූති කරන්න ඕනා….මොකද මගේ ගොඩාක් Threads/Posts මම කරන්නේ සිංහල unicode වලින්…. ඉතින් ඒවා බලලා මට reply එකක් දාන හැමොටමත් ගොඩක් ස්තුතියි….!! 

අදට ඇති වගේ නේද….??? (මොකද, අද මගේ නිවස පිහිටි අඩවියේ විදුලිය විසන්ධි වෙන කතාවක් මට ඇහුනා….!!!)

ඒ නිසා අදට නවතින්නම්….!!  

හැමෝටම සුබ දවසක්….!!

Advertisements

Responses

  1. එල එල. එහෙනම් වැඩේට බැස්සා නේ, නියමයි, දැන් ඉතින් කොටමු, කී බෝර්ඩ් ගෙවෙනකම්,

    බෙන්තර ගඟෙන් එහා පූසො වත් ගේන්න එපා කියන්නෙ, මෙහෙන් මොකා ආවත් අනිත් උන්ගෙ ජොබ්ස් වලට කෙල වෙන හින්දා,

    ඇස් ඇරපු පූසෙක් ගෙනාවොත් ඔය CMB පූසො සෙට් එකම ඉවරයි :p

    අයි විශ් යූ අ හැප්පී හැප්පී ෆියුචර් විත් බ්ලොග්ගින්.. 🙂

  2. එල එල .. ඔහොම යාන්

  3. කවුරු වුණත් කමක් නෑ
    මොනව කළත් කමක් නෑ
    හැමදාම බ්ලොග් එක ලියලා .. 😀

  4. එළ මෙන්න මගෙන්සුභපැතුම්! 😉

  5. ආයුබෝ බුවා මචං, උඹ වගේ තමා ඉතින් මාත් වචන දෙකක් නෑ. ඔහොම යං මචෝ!fit තමා!

  6. ආහ් මේ එළකිරි එක්කෙනෙක්ද? මම දන්න කෙනෙක් නෙවෙයි වෙන්න ඇති නේද ? කවුරු උනත් කමක් නෑ.. දැන් ඉතිං ලියාගෙන ලියාගෙන යන්නෝ…..!

  7. ඉදිරියටම යව්!!!!

    එළ එළ.. දිගටම ලියන්න.. අපි බලන්නම්!!!

  8. බ්ලොග් වලට අළුත් කෙනෙක් නේද? ගොඩක් හොදයි ඔහොම දිගටම ලියාගෙන යන්න .ම‍ගෙන් උණූසුම් සුබ පැතුම්……………..!

  9. @ malee_msg..

    na na oyaata meet vela athi oone tharam ara urajdlk kiyanne meyaata dannavane

  10. ආයුබෝවන්.

    බොහොම සාදරෙන් පිලිගන්නවා. මේකෙ සංකල්පය දැනුම බෙදාගැනීමයි.

  11. එහෙනම් ඕං චියර්ස්ස්ස්……….!!!!

  12. මමත් ලඟදි ආවෙ. ඒත් සාදරයෙන් පිළිගන්නව!!!

  13. සුබ පතමි. දිගටම ලියන්න

  14. එළ එළ මාත් මේකට අලුත්

  15. ආයුබෝවේවා!

  16. ප්‍රතිචාර දක්වපු හැමෝටම බොහොමත්ම ස්තූතියි….!!!

  17. ජයවේවා…………

  18. sahodaraya ape suba pathum

  19. මම පරක්කු වැඩිද මන්ද 😦

    Reply :- නෑ නෑ පරක්කු නෑ… 😀

  20. මමත් අබ්බානෙකට ප්‍රමාද වෙලා මේක දැක්කේ
    සුභ පැතුම්!!!
    කවුද් දන්නෑනේ මේ බෙන්තර ගගේ කතාව හදුපු 1කා අහුවෙයන්කෝ මට…. උගේ ………..


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: