Posted by: urajdrlkelakiri | January 26, 2009

අම්මෝ මෙහෙමත් මිල ඉහල යාමක්….!!!

ඔන්න අදට නවතින්නම් කිව්වට, මං මගේ මුල්ම සටහනට, ඔයාලගේ ප්‍රතිචාර දැක්කහම (විදුලිය විසන්ධි කලෙත් නැති නිසා), ආයෙත් ආවා….

කාලිංග අයියා කියනවා වගේ, මමත් දැන් Internetholic කෙනෙක් වෙලයි ඉන්නේ….. ඒ වගේම මේ blog ලියන වැඩේටත් ඇබ්බැහි වෙයිද දන්නේ නෑ….!!!

මුලින් කියන්න ඕනා, මමත් එලකිරි අඩවියේ හොද සාමාජිකයෙක් (urajdrlk කිව්වහම හැමෝම දන්නවා) 2006 දි එලකිරි අඩවියට සම්බන්ධ උනත්, දැන් තමයි බැහැලා වැඩ කරන්නේ….!!! 

කෝ දැන් මම කියන්න හිතාගෙන ආව දෙයත් අමතක උනා කතාවෙන් කතාවෙන්….!! 

මගේ තාත්තව වැඩ බැරි දොස්තරයෙක් (ඇත්තටම කියනවා නම් ඌ කොන්දොස්තර කෙනෙක්) මරා ගත්තට පස්සේ, මං තමයි අපේ බස් ගැන බලා කියා ගන්නේ….!! ඉස්සරත් එහෙම තමයි…. (ඔන්න මං shape එකේම අපිට බස් තියෙනවා කියලත් කියා ගත්තා….hik hikz….)  

මගේ තාත්තව මරපු දොස්තරයා ගැනත්, ලගදිම මෙතන කියන්නම්.

එතකම් ඉන්න බෑ වගේ නම්, එලකිරි අඩවියට යන්න, මේ ලින්ක් එක මාර්ගයෙන් :- Pls read this & avoid from these hospital

http://www.elakiri.com/forum/showthread.php?t=126373

ඔන්න ආයෙත් මම මාතෘකාවෙන් පිට පැන්නා වගේ…….ඔන්න දැන් හරි නිවැරදි පීල්ලට enter කරගත්තා….!!! 

දැන් දවස් කිහිපයක ඉදලම අපේ එක බස් එකක් උදේට start වෙන්නෙම නෑ…. ඉතින් ලේලන්ඩ් තල්ලු කරලා start කරන්න පුලුවන් ජාතියක් නෙවෙයි නේ….???  

අන්තිමට ඊයේ උදේ start වෙන්නේ නැතුව බස් එක දුවන්න උනෙත් නෑ….!!

ඉතින් අන්තිමට battery එකක් දාන්නම උනා….!!! එකක් දාන්න උනා නම් ඉවසන්න තිබුනා battery දෙකම දාන්න උනේ නැතැයි…..!!!

මටමයි වෙන්නේ….!!!

ආයෙත් මම මාතෘකාවෙන් පිට….hik hikz…..!!! 

අම්මෝ battery වල ගනන්…..!!!

පසුගිය අවුරුද්දේ battery දෙකක් ගත්තේ 26,000 කට….. ඒකට දැන් 34,000 පුදුම මිල ඉහල යාමක් තමයි….!!! 

Battery කඩේ අදුරන නිසා 10,000 ගෙවලා ඉතිරිය පස්සේ දෙන පොරොන්දුව පිට battery දෙකම අරගෙන ආවා….

බස් ගාස්තු අඩු කරන්න කියලා කෑ ගහන කට්ටියට මට නම් කියන්න තියෙන්නේ, බස් ගාස්තු අඩු කරන්න පුලුවන්, මේ වගේ අමතර කොටස් මිලත් අඩු කරනවා නම්…..!!!

Diesel වැඩි වෙනකොට නැවත පුරවන ලද tyre මිල වැඩි උනා……. එහෙම උනත් diesel අඩු උනහම බස් ගාස්තු අඩු කලා……. ඒ උනාට tyre මිල වෙනසක් උනේ නෑ….!!!

මේ ව්‍යාපාරය මේ විදිහට නම් ඉදිරියට කරගෙන යන්න බොහොම අමාරුයි….!!! 

අපිටත් දැන් එපා වෙලා ඉන්නේ…. ආතල් එකට වගේ කරනවා….!!!

Advertisements

Responses

  1. අෆෝ ඔව් ඔව්

    මොකද්ද බැටරි මොඩෙල් එක..

    මගේ ටෙස්ටින් වෑන් එකෙත් n70 බැටරියට කෙල වෙලා, 12ක් ලු, ඉස්සර 7-9ක් වෙච්ච එක, ඉතින් බස් වලට කොහොමට ඇතිද :O

    ටයර් නම් කියල වැඩක් නෑ, පාර්ට්ස් වැඩිවීම බස් විතරක් නෙමෙයි ඔක්කෝටම බලපානව 😦

    ====================================

    එලකිරි නම් දැන් ටික ටික ඇඹුල් වේගෙන එන්නෙ, දැන් හොඳ මෙම්බර්ස් ල නෑ නෙ 😦 GT අයියත් වැඩිය සයිට් එක ගැන බලන්නෙ නෑ වාගෙ මට නම් දැන් එපා වේගෙන එන්නෙ, මාසෙකට විතර කලින් කොහොමට තිබ්බ සයිට් එකක්ද 😦

  2. N70 battery කෙල වෙලා කිව්වහම, මං හිතුවේ ඔයාගේ ජංගම දුරකතනයේ battery වත් ද කියලා……..??

  3. අයියෙ කිව්වට අප්සට් වෙන්ඩ එපා….
    බස් ගාස්තු අඩු වුනේ නමටනෙ…
    අපේ පැත්තෙ කොන්දල කියන්නේ ඒක සංශෝධනය කලා කියලා.
    සෙක්ෂන් නං වෙනස්කරල.
    ඉස්සර 14 ගෙව්ව එකට දැන් 17ක් ගෙවන්ඩ ඕනෙ
    අපිටමයි වෙන්නේ 😦

  4. නියමයි !

    බස් කරුමාන්තෙට සම්බන්‍ධ කෙනෙකුත් සිංහල බ්ලොග් සංසදයට එකතු වුනු එක හොඳයි. මොකද ඔය හිටපු ගමං වෙන “මිල සංශෝධන” වලට අපි බැන බැන හිටියට, ඒ සම්බන්‍ධව විමසන්න හොඳ කෙනෙක් මෙතන හිටියෙ නෑ නේ ?

    හැබැයි අයියා, ඔන්න ඔයට බැනුං අහන්නත් වෙයිද මන්‍දා 😉

    කොහොම වුනත්, සිංහල බ්ලොග් සංසදයට මමත් ඔබව සාදරයෙන් පිළිගන්‍නවා !

  5. අඩ්ඩඩ්ඩේ බස්කාරයෙක්. අල්ලගන්න අමාරුම ජාතියක්. පොඩ්ඩක් ඉඳින් සහෝදරයා. උඹටනං දරුණු සටනක් කරන්න වෙනවා. මොකද අපේ ගොඩක් කස්ටිය බස් කරුමාන්තෙට සම්බන්ධ අය ගැන කිව්වොත් හරීම ආදරේකින් කතා කරන්නෙ. දැනට මගෙනුත් සුභ පැතුම්!!!

  6. වෙනද, බස් කම්බස් කරන තරම් බ්ලොග් වලින් බැන්නට, හරියට ඒව යොමු කරන්න කෙනෙක් හිටියෙ නෑ නෙ, ඔන්න ඒ අඩුව හරි, දැන් ඉතින් අපිට ඉන්නව බස් නියෝජිතයෙක්, නියමයි, දැන් ඔහේ නිකම් ගහන්න ඕනෙ නෑ, කෙලින්ම මෙයාටම බනින්න පුලුවන්,

    බස් සබැඳි සියලුම බැනුම් මෙතනට යොමු කරත්වා :ලොල්: 😛

    ඒකෙ අනිත් පැත්ත වෙයිද දන්නෙත් නෑ, අපි මෙතන කියනදේවල් අහගෙන හොඳ වැඩක් සෙට් කරයිද දන්නෙ නෑ කථාබස් කලා කියල 😀

  7. මොකද්දෝ වැරදුනා. ඒත් උඩ nilanthada කියල ඉන්නෙත් මම මයි. බස්කාරයා කිව්වට තරහවෙන්න හෙම එපා.

  8. “බස් කරුමාන්තෙට සම්බන්ධ අය ගැන කිව්වොත් හරීම ආදරේකින් කතා කරන්නෙ”

    ඔව් ඔව් ගමනක් ගැන දාපු බ්ලොග් පෝස්ට් ගත්තොත් 98%කදිම පොඩියට හරි බස් ගැන හරි ආදරෙන් කථාබස් කරල තියනව 😛

    දැන් ඒවාගෙ වෙලාවට මේ බ්ලොග් එකට කෙලින්ම ලින්ක් එකක් දාන්න පුලුවන් 😀

  9. ඔය ඔය මං කිව්වෙ. ගැමුණු විජේරත්න ලොක්කව හෙම හම්බවෙලා උපදෙස් ලබාගෙනම වැඩේට බැස්සනං හොඳා.

  10. අෆොයි ගැමුණු ලොක්ක පාරට බහී,
    සිංහල බ්ලොග් කරුවන් පන්නමු,
    බස් කරුවන්ගේ රෙදි ගැලවීම හෙලා දකිමු කිය කියා 😛 :lol

  11. අනේ කොයි ලෝකේද බස් වල ගාණ අඩු වුනේ.. ඉස්සර 23ක් දීලා ගිය ගමන දැන් යන්නේ 28/32 ක් දීලා.. හරි ගාණ කවුරුවත් දන්නේ නෑ මං හිතන්නේ… කෝකටත් ඔබ තුමා ඉන්න එක හොදයි.. අපිට බස් ගැන ආදරේ වැ‍ඩි වුනාම කියන කථා මෛත්‍රී සිතිං අහන් ඉන්න..!

  12. අපොයි මං මෙතන බස් එකක් ගැන කියලා කට වරද්දා ගත්තද මන්දා….!!!

    ඉස්සර රුපියල් 14 ට ගිය ගමන මේ ඊයේ පෙරේදා ඉදන් රුපියල් 17 ක් උනේ කොහොමද කියලා, මම පොස්ට් එකක්ම ලිව්වා….!!!

  13. 120 බස් වල කොන්දොස්තර මහත්තුරු ඉතුරු රුපියල දෙක දෙන්න හරි කම්මැලියිනෙ. ඒ මොකද කියල ඔබතුමාට කියන්න බැරිද ඔබතුමාගෙ බස් එකේ නම් එහෙම නැතුව ඇති නේද? හික්

    ආ ඔයාටම ගැලපෙන බ්ලොග් එකක් තියනව කියවලා බලන්නකෝ
    http://shaakunthala.blogspot.com/2008/11/blog-post_14.html

    ඉතුරු සල්ලි කතාවට තරහ ගන්න එපා. හික් ඔබව සාදරයෙන් පිළිගන්නවා

  14. 120 බස් මගේ ආවරණ කලාපයට අයත් නැති නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කල නොහැක.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: