Posted by: urajdrlkelakiri | January 26, 2009

බස් කෙරුවාව….!!!

බස් කාරයෙක් ආවා කියලා…. කට්ටිය කෑ ගහන්නේ…. මීට පස්සේ මාවද bite එකට ගන්න හිතාගෙන ඉන්නේ….??? 

අනේ ඉතින් අහිංසක මං මොනවා කරන්නද බස් ගාස්තු වැඩි කරනවාට….!!! 

හැබැයි මේ ඊයේ පෙරේදා කරපු ගාස්තු විෂමතා ඉවත් කිරීම දැක්කහම නම්, මට අපේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්නේ කොච්චර මෝඩ මී හරක් රැලක්ද කියලා තේරුම් ගියා….!!!

 

380 කඩුවෙල සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට කිරිබත්ගොඩට රුපියල් 17 ක් අය කරනවා…. 

356 කරාබුගස් හන්දියේ සිට සිට කිරිබත්ගොඩට යන බස් එකේ සියඹලාපේ සිට කිරිබත්ගොඩට රුපියල් 14 ක් අය කරනවා….

 

එකම දුරකට ගාස්තු වර්ග දෙකක්….!!!  

මේකෙන් උනේ 380 බස් වලට, සියඹලාපේ සිට කිරිබත්ගොඩට සෙනග නගින්නේ නැති උනා…. 356 බස් වලට සියඹලාපේ සිට කිරිබත්ගොඩට සෙනග තව තවත් නැග්ගා….!!

දැන් කාලේ හැටියට කවුද කැමති රුපියල් 3 ක් වැඩිපුර දීලා බස් එකේ යන්න….??? 

මේ වගේ මෝඩ ක්‍රියා සිදු වෙන එක ඒතරම් අරුමයකුත් නෙවෙයි….!!!

මොකද බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සබාපති තුමා, ඉස්සර කලුතර හිටපු time keeper කෙනෙක් කියලයි මට නම් ආරංචිය….!!! 

ඉතින් මේ වගේ ගොඩාක් උගත් පුද්ගලයෝ, මේ වගේ තැනක සබාපති කෙනෙක් උනහම, මේ වගේ මෝඩ ක්‍රියා සිදු වෙන එක වලක්වන්නේ කොහොමද….???  

මෙහෙමත් එකක් තියෙනවා…. මේක මගේ අත්දැකීමක්…. බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේදිම (නමුත් මම කියන්නේ නැහැ කොහෙදිද කියලා නම්….)

බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේන් වැඩක් කරගන්න අපි ගියහම (මොකද අයිතිකරු පැමිනීම දැන් අනිවාර්ය කරලනේ….) බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ඉන්න සමහර නෝනලා, මහත්තයලා, හිතන් ඉන්නේ, අයිතිකාරයොත්, එයාලා වගේම මෝඩ මී හරක් කියලයි….!!! 😛 

ඉතින් හතරට පහට නැවෙන්න ඔනා වැඩක් කරගන්න ගියහම….!!! 😦 

ඉතින් දවසක් ඔන්න මමත් ගියා කියමුකෝ ඔය මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට…. ඉතින් ඔන්න බලන් ඉන්නවා, ඉන්නවා, වැඩේ කෙරෙන පාටක් නෑ…..

බලන් ඉදලා බැරිම තැන ගියා, ප්‍රාදේශිය කළමනාකරු ලගට…. ගිහින් දුන්න කඩ්ඩෙන් talk එක (මට තේරුනා ඌට මේ ලෝකේ දෙයක් නොතේරුනු බව මං කිව්ව….) අනේ ඒ වෙලාවෙම ප්‍රාදේශිය කළමනාකරු, පියන් කෙනෙක්ට කතා කරලා මේ මහත්තයගේ වැඩේ කරලා දෙන්න කිව්වා….!!!

තව පොඩ්ඩෙන් මගේ දවසම ඒ වැඩේට හිර වෙන එක, කඩ්ඩ දාලා talk කල නිසා විනාඩි 10ක් යන්න කලින් කෙරුනා….!!!

ඔන්න ඔහොමයි අපිට gas පෙන්වන මගී ප්‍රවාහන අධිකාරියේ කට්ටියගේ වැඩ….!!! 

මේ කට්ටියගේ වැඩ නිසා මට බස් එකේ මෙහෙම දැන්වීමකුත් දාන්න උනා….

බුද්ධිමත් මගී ජනතාව වෙත කෙරෙන කාරුණික දෑන්වීමයි.

 2009 ජනවාරි 06 වන දින සිට ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධනයට අනුව, මාර්ග අංක 380 බස් මාර්ගයේද, බස් ගාස්තු විෂමතා ඉවත් කර ඈති බෑවින්, 380 බස් මාර්ගයේද බස් ගාස්තු වල වෙනස් වීමක් සිදු කොට ඈත.

එබෑවින්, මේ පිලිබදව රියදුරු මහතා සහ කොන්දොස්තර මහතා සමග ගෑටුම් ඈතිකර නොගන්නා මෙන්, අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබ සෑමට ස්තූතියි.

 මේ පිලිබදව වෑඩි විස්තර සදහා පහත අංක අමතන්න.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව. – දුරකතන:- 0112-595555

බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය. – දුරකතන:- 0115-559595

ලංකා ගමනාගමන මණ්ඩලය. – දුරකතන:- 0112-368565

බස් කෙරුවාව එපා වෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි….!!!

Advertisements

Responses

  1. අනේ බස් අයිති කාරයෝ මී හරක් නෙමේ……

    එකේ යන අපි තමා මීහරක්..

    කඩ්ඩ දැම්මා කිවේ පොරවෙන්නද? අනේ ඔයි රෙද්දක් ඇදගෙනද ඔය පොරටෝක් දෙන්නේ?

    Reply :- Anonymous කමෙන්ට් දාන උඹලා වගේ එකාලා මී හරක් තමා…..!!

  2. බස් මිල වැඩිකරන එක නවත්තන්න බැරි බව හැබෑව. ඒත් ඔහොම විෂමතා 154 තිබ්බා, සමහර වෙලාවට කොන්දොස්තරලා එයාලට ඕනේ ගනන් ගන්නෙ, ඉතින් වාද කරන්න වෙනවා. දන්නවනම් හරියට ගාණට තමයි දෙන්නේ. එක්කො මාරු සල්ලි ලැබෙන්නෙ නෑ. නැත්නම් රුපියලක් පස්සෙ ඉල්ලගන්න කියනවා. මට නම් බස් එපා වෙලා, ඒත් නොගිහිනුත් බෑ. අපේ රටේ බස් සේවය මම දැන් මේ ඉන්න රටේ වගේ දියුණු කරානම් කොයිතරම් නම් සහනයක් වෙයිද මිනිස්සුන්ට. ලංකාවේ, කඩු ටෝක් නිසා වැඩ කරගන්න පුළුවන් තැන් එමටයි, ර්‍රෝහල් වලත් ඔහොම සීන් ඕනෙ තරම්.

  3. අනේ මන්ද… කොන්දලත් එකයි…
    අයිතිකාරයොත් එකයි… එක වල්ලේ පොල්නේ 😛

    අහුවෙයන්කෝ පාරෙදි….
    දෙන්නං වැඩේ… 😛

    කස්ටිය මොකෑ කියන්නේ මිස්ට බස්ට දෙමුද ගේමක්……

    හික් හික්..

    ඉක්මන් පිළිතුරට බොහොම ස්තුතියි…
    දිගටම ලියන්ඩ…..

  4. අනේ ඉතින් අහිංසක මං මොනවා කරන්නද….??? අපි නම් හරීම නිවිලා…. ඇල් වතුරත් නිවලයි බොන්නේ….!!!

  5. ඔයාගෙ බස් අන්තර්පළාත් දුවන්නේ නැද්ද ? අන්තර්පළාත් බස්වල කටයුතු කෙරෙන්නේ ගමනා ගමන කොමිෂන් සභාවෙන්. ඒකෙ කටයුතු නම් හොඳින් කෙරෙනවා. පළාත් සභාවල මගී ප්‍රවාහන අධිකාරිවල නම් තත්ත්වය අන්තිම යි.

  6. මේ ලොක්කා.. මගෙන් මොනවා හරි අහ ගන්න තමයි… මම ඕකටත් බනින්න මොනවා හරි අල්ල ගන්නවාමයි. බලමුකෝ….

    මගෙන් බැනුම් අහන්නේ නැතුව කවුරුත් යන්නේ නෑ… මට ඔනේ හැමෝටම බනින්න… මමයි පොර

  7. @ මකබාස්

    ))))මට ඔනේ හැමෝටම බනින්න…((((

    ඉතින් මෙහෙ මොනවද කරන්නෙ යන්නකො විපක්ෂෙට ඇටි හැලෙන්න බනින්න අවස්තාව එහෙ තියෙනවා.

  8. ඔයත් බස් ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නේද? මම නම් නිකං ඔහේ ලියනවා. ඒත් ඔයා වඩාත් විස්තර සහිතව ශාස්ත්‍රීයව ලියනවා. මම පස්සේ ඔක්කොම කියවන්නම්.

    Reply :- ආයෙත් අහලා…. මම අවදානෙන් නොහිටියොත්, මගේ ඩ්‍රයිවර්ලයි, කොන්දොස්තරලයි, ටික මට ගේම දෙනකම් මම දන්නේ නැති වෙයි…..!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: