Posted by: urajdrlkelakiri | May 18, 2009

මාගේ දේශය අවදි කළ විරුවනි!

මාගේ දේශය අවදි කළ විරුවනි!

 

 

තිස් වසරක ත්‍රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භූමිය මූදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්‍රහණය කිරීමට දායක වූ අභිමානවත් ලංකා පූත්‍රයන්ට අපගේ උත්තමාචාරය පූද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමූ. ඒ ඓතිහාසික විජයග්‍රහණය දෑසින් දකින්නට පෙර සිය ප්‍රාණ වායූව මේ මිහි තලයටම මූසූ කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමූ. ඒ ජාතික නිදහස වෙනූවෙන් අඛණ්ඩව, අභීතව එයට දිරි දෙමින් ද, ඒ උත්තරීතර කැපවීම අගයමින් ද ඉනද්‍රඛීලයක් සේ දිවයින ද සිටි බව මේ ඓතිහාසික නිමේෂයෙහි සඳහන් කිරීමට අපට ද අයිතියක් තිබෙන බව නිහතමානීව ලියා තබමූ.

 

ලෝකයම සිය ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වයෙන් කම්පනයට පත් කළ ෆැසිස්ටිවාදී ම්ලේච්ඡ ඝාතක සංවිධානයක නායක වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමූඛ ඔහූගේ දෙටූ සගයන් සියල්ලම දැන් මරුමූවට පත්ව සිටිති. මරණය යනූ කිසිවකුට සතුටූ විය හැකි, උදම් විය හැකි අවස්ථාවක් නො වන බව ඇත්ත ය. එහෙත් මේ ශාපකාරී මිනිසාත්, ඔහූගේ ඝාතක ෆැසිස්ටිවාදී නඩයක් මියයෑමේ පූවත එකී ත්‍රස්තවාදයෙන් බැට කෑ රටට මෙන්ම ජනතාවට ද සූබ ආරංචියක් වනූ නො වැළැක්විය හැකි ය.

 

පිස්සූ බල්ලකු මියගියත් “අනේ අනිච්චං” යැයි කීමට පූරුදුව සිටින අහිංසක මනසක් සහිත ජනතාවක් වූවද ඔවූන්ට මේ මරණය කිසිඳු කම්පාවට හේතු නොවේ. මක්නිසාද යත්, ප්‍රභාකරන්ගේ කුරිරු ත්‍රස්තවාදයෙන් මූළු රටම ඒ තරමටම හෙම්බත් වී තිබිණි. මූළු මහත් ජනතාවම ඒ තරමට ම පීඩනයට ද, භීතියට ද පත්ව සිටියහ. ප්‍රභාකරන් ඇතුළු ඔහූගේ ෆැසිස්ටිවාදී මෘගයන් විසින් මේ රට ඇද දමන ලද්දේ බිහිසූණූ අඳුරකට ය.

 

ප්‍රභාකරන්ගේ දුෂ්ට ඊළාම් අරමූණ වෙනූවෙන් පෙරදිග මූතු ඇටය ලෙයින් නැහැවූ සාහසිකයන් රැළක් එබඳු මරණයකට ලක්වීම කිසිවකුගේ කම්පනයකට හේතුවක් විය හැකි ද? සිංහල, දෙමළ, මූස්ලිම් සහෝදරත්වය ගිනි තබමින්, ඇවිල ගිය ත්‍රස්තවාදයේ ලැව්ගින්නේ ඓතිහාසික වගඋත්තරකරුවන්ට හිමිවන මරණය නො මැනවැයි කිව හැක්කේ කාට ද?

 

ප්‍රභාකරන් වෙනූවෙන් ඇප කැප වූ ත්‍රස්තවාදයෙන්ම යස ඉසූරු සාදාගත් ජාති භ්‍රෂ්ටයන්ට ද බටහිර අධිරාජ්‍යවාදී රූකඩ විසින් නඩත්තු කරන ලද සිංහල බෞද්ධ වෙසින් සිටි ඇතැම් සටිටඹියන්ට ද මාගේ දේශය “අහෝ අපගේ බත් ටැඹ වැනසිණ” යි දුකක් සෝකයක්, සංකාවක් ඇති වී ඇත්නම් අපි පූදුම නො වෙමූ. ඒ හැර මේ මව්බිමට ආදරය කළ කිසිවකුට අබැටක තරම් සංවේගයක් නැති බව ද අපි දනිමූ.

 

වේළුපිල්ලේ ප්‍රභාකරන් යනූ ඝාතන සංස්කෘතියක දුෂ්ට මැවූමකි. සයනයිඩ් සංස්කෘතියක විකෘති නිමැවූමකි. ප්‍රභාකරන් විසින් මේ රටෙි මිනිස් පවූල් කඩා බිඳ වෙන් කරමින් රටම මළගෙයක් බවට පත් කරන ලද බව අමූතුවෙන් කිව යූතු නැත. ප්‍රභාකරන්ගේ ඝාතනයට, පීඩනයට ලක් නොවූ ගමක්, නගරයක්, පවූලක් මේ රටෙි නො වී ය.

 

අද අවසන් වී තිබෙන්නේ ඒ ශාපයයි. මගතොටෙි, වැඩබිමේ, කෝවිලේ, පන්සලේ, දෙව් මැඳුරේ සැඟව සිටි ජනඝාතක සමාගම දැන් නිහඬව තිබේ. අක්‍රිය වී තිබේ. ඉතින් එය අපට, රටට සතුටක් නො වන්නේ ද? උතුරේ අහිංසක දෙමළ දරුවන්ගේ ගෙලට සයනයිඩ් කරල් එල්ලූ සිත් පිත් නැති මෘගයා මළවූන් අතරේ ය. එය අස්වැසිල්ලක් නො වේද?

 

ප්‍රභාකරන්ගේ හා ඔහූගේ දෙටූ නායකයන්ගේ පවූල්වලට හිමි වූ වරප්‍රසාද ජීවිත හා සූඛ විහරණවල අඩූවක් නොවූ බව ද දැන් ප්‍රසිද්ධ රහසකි. ජනතාවට විමූක්තිය ලබා දීමට ඒ ජනතාවගේ ඇස්, ඉස්, මස්, ලේ ගබඩා කළ තුච්ඡ නායකයකුගේ හා ඔහූගේ මෘග සගයන්ගේ අවසානය රටකට ශාන්තියක් නො වන්නේ ද?

 

ලෝක ඉතිහාසය කියවන කවරෙකු වූවද, අදත් හිටිලර් හා මූසොලිනීගේ නම්වලට කෙළ ගසති. ප්‍රභාකරන්ට හා ඔහූගේ ඝාතකයන්ට ඉතිහාසය තුළ ඊට වඩා වෙනස් ස්ථානයක් හිමි නොවන බව ද අපි දනිමූ. මේ මව්බිම හරහා ගලා ගිය රුධිර ගංගාවන් ද මේ මව්බිමේ ගොඩගසන ලද මිනී කඳුවලින් ද ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ තරම අපි දැන මැන ගත්තෙමූ. එහෙත් ප්‍රභාකරන්ට ඒ කිසිවකින් සැලෙන මනසක් නොවීම ඔහූට මේ ඉරණම අත්වීමට හේතු වූ බව ද අපි දනිමූ. එබඳු අපරාධකාරයකුගේ අවසානය රටකට අස්වැසිල්ලක් බව අපගේ ද විශ්වාසයයි.

 

ඝාතනය විසින්ම ඝාතකයකු ඝාතනය කරනූ ලැබ තිබේ. ඝාතකයාගේ ඝාතන සමාගම ද ඝාතනය කරනූ ලැබ තිබේ. ඒ වෙනූවෙන් කිරිබත් කන්නන්ට අපට දොස් කිව නො හැකි ය. ඒ වෙනූවෙන් රබන් ගසන්නන්ට ප්‍රීති උත්සව පවත්වන්නන්ට ද අපට දොස් කිව නො හැකි ය. අපි අවසන් වශයෙන් එක් දෙයක් කියමූ.

 

ප්‍රේමය, දයාව, මනූෂ්‍යත්වය නො තකා ක්‍රියා කරන කවරකුට වූවද ස්වභාව ධර්මයේ රැකවරණය හෝ ආශිර්වාදය හෝ නො ලැබෙන බව ය. මේ සියල්ල පිළිබඳ දාර්ශනික සත්‍යය එයයි.

 

කෙසේ හෝ ගම් දනව් වනසමින් වපූරන ලද ප්‍රචණ්ඩත්වයේ මැවූම්කරු නිහඬ කිරීමේ ඓතිහාසික වගකීම උර දරා ගත් මහින්ද රාජපකෂ ජනාධිපතිවරයාට ද අපි අපගේ කෘතවේදීත්වය පළ කරමූ. මේ ඓතිහාසික ජාතික මෙහෙවරට කැප වූ ගෝඨාභය රාජපකෂ නම් ආශ්චර්යවත් නායකයාට ද, අපගේ අභීත ත්‍රිවිධ හමූදාපතිවරුන්ට හා පොලිසියට ද අපගේ ප්‍රශංසාව පළකරමූ.

 

තිස් වසරක අඳුරු සෙවණැලි පහව ගොස් තිබේ. අප ගොදුරු කර ගන්නට සැලසූම් කළ බටහිර නඩය ද නිරුත්තරව සිටිති. යකෂයාගේ හෝරාව නිම වෙතැයි සිහිනෙනූදු නො සිතූ සියල්ලන්ම හඬද්දී අපට සිනා සීමට හැකි වී තිබේ. ඒ සිනහව රටට, දැයට ලබා දුන් හැමට ජාතියේ කෘතවේදීත්වය ද උත්තමාචාරය ද හිමි වනූ නිසැක ය.

 

 

හෙට ඉරක් පායයි. ඒ හිරු එළියෙන් පිබිදී අපි එකම දැයක්, එකම රටක් ලෙස යළි නැගී සිටිමූ. ඒ නිදහසේ උදානය අපට ජීවය ද, ශක්තිය ද, ලබා දෙනූ ඇත. මාගේ දේශය අවදි කළ විරුවනි, අපි ඔබට සදා ණයගැති වන්නෙමූ.

 

 

උපුටා ගැනීම දිවයින කතුවැකිය 2009 May 19

Advertisements

Responses

  1. අපිට පුතේ හෙටක් ඇතේ . . .

    නැතිනම්

    අද පමණක් නොවේ අපට හෙටක් තිබෙනවා . .
    අරුණලු කැන් හිනහී නව දිනක් ලබනවා . .
    අදුරින් බර ආකර තුල මැනික් තිබෙනවා. . .
    දෙස බස රැස අපේ අතින් එලිය වැටෙනව . . .

  2. Maxa////


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: