පුවත්පත් කතුවැකි

සොල්හයිම්ගේ කිළිනොච්චි සාංකාව!

සතුරකුට වූවද විපතක් සිදු වූ විට එයින් සතුටූ වීමේ කුරිරු මානසිකත්වයක් අපට නැත. එහෙත් රටක් බියගැන්වූ ජනඝාතක, ජන පීඩක නරුමයකුට අත්වන විනාශය ගැන නම් අප තුළ කවර හෝ කම්පාවක්, සංවේගයක් ඇති නොවන බව ද කිව යූතුය.

 

දැන් මූලතිව් වනය තුළ සැඟවී, සිය බිහිසූණූ විනාශයේ මරණීය අස්වනූ නෙළා ගැනීමට සූදානම්ව සිටින ප්‍රභාකරන්ට හෝ ඔහූගේ මෘග රැළට අත්වන කවර විපතක් වූවද රටට ශාන්තියක් ලෙස මේ රටෙි බහූතර ජනතාව කල්පනා කරති. දෙමළ ජනතාවගේ විමූක්තිය වෙනූවෙන් මිනී කඳු ගැසූ ෆැසිස්ටිවාදී කොටි සංවිධානය සමූල ඝාතනය වනූ දැකීම ඒ ජනතාවගේ පරම පැතුම වී තිබේ. එහෙත් ප්‍රභාකරන් බේරා ගැනීමට සෘජූවම ඉදිරිපත් වීමට තරම් විලිලැඃජා නැති ධෛර්යවන්ත භාවයක් නෝර්වේ රජය ප්‍රදර්ශනය කර තිබේ.

 

එක්සත් ජාතීන්ගේ අධීකෂණය යටතේ අන්තර් ජාතික නිරීකෂක කණ්ඩායමක් ශී්‍ර ලංකාවට එවීමට එරික් සොල්හයිම් උත්සාහ කරයි. එහෙත් රජය ඔහූගේ ඉල්ලීම ප්‍රතිකෙෂ්ප කර තිබේ. ප්‍රභාකරන් හූරතල් කිරීමේ නෝර්වේ පිළිවෙත ගැන අපි මෙයට පෙර ද ලියා ඇත්තෙමූ.

 

නෝර්වේ ඇතුළු බටහිර රටවල සෙවණැලි යටින් නැඟී සිටි බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල කාර්ය භාරය කුමක්දැයි හමූදාව විසින් අල්ලා ගන්නා ලද කිළිනොච්චිය ඇතුළු මූලතිව් ප්‍රදේශ වලින් ද දැන් හොඳටම තහවූරු වී තිබේ. මේ සියල්ලෝම නිරුවත් වානර රැළක් බව සැඟවිය නොහැකිය.

 

මූලතිව් හි කොටූ වී සිටින දෙමළ වැසියන් ගැන කතා කිරීමට සොල්හයිම් මහත්තයලාට තිබෙන අයිතිය කුමක්ද? තමිල්නාඩූවේ සිට බොරුවට තප්පූලන කරුණානිධි ඇමැතිවරයා මෙන් සොල්හයිම් මහත්තයා ද තවමත් කොටි වලිගය අතහැරීමට සූදානම් නැති බව පෙනේ.

 

ඉන්දියාවේ විදේශ ඇමැති ප්‍රනාබ් මූකර්ජි මහතා නම් අද මේ රටෙි සිදු වන්නේ කුමක් දැයි නිශ්චිතවම දැනගෙන ගොස් ඇත. ශී්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපකෂ මහතා සමඟ සාකච්ඡා කර මෙම අර්බූදය විසඳීම සඳහා අපට සහාය දෙන බවට ප්‍රකාශයක් ද ඔහූ කර තිබිණි.

 

සොල්හයිම් මහත්මයාණනි, අන්න නියම මහත්වරු. කවූරු කෙසේ කීවත් සිහි බූද්ධියෙන් සියල්ල බලා තේරුම් ගැනීම මහත්වරුන්ගේ ගුණයකි. සොල්හයිම් මහත්තයාට කිළිනොච්චිය ගෙදර වාගේ විය හැකිය. ඒ කාලයේ කොළඹට පැමිණ කිළිනොච්චි ගිය ගමන් බිමන් ගැන ද උන්නැහේට මතක් වනූ විය හැකිය. බාගවෙලාවට උන්නැහේට කිළිනොච්චිය ගැන සාංකාවක් ද ඇති වී තිබෙනූ විය හැකිය.

 

කිළිනොච්චියට ගොස් එහි තතු දැක බලා ගැනීමේ ස්වාභාවික කුතුහලයක් ඔබට තිබේ නම් ඒ සඳහා ශී්‍ර ලංකා ජනාධිපතිවරයාගෙන් විශේෂ අවසරයක් ඔබට ලබාගැනීම අසීරු නැත. දෙමළ ජනතාවගේ යහපත වෙනූවෙන් ඔබ සැබැවින්ම ක්‍රියා කරන්නේ නම් ඊට වඩා කාර්යභාරයක් ඔබට තවමත් කළ හැකි යැයි අපි සිතමූ. ඔබ කළ යූත්තේ එකම එක දෙයකි. එනම් මූලතිව්වල හිරවී සිටින දෙමළ ජනතාවට එයින් පිටවී යෑමට ඉඩ දෙන්නැයි ඔබේ සන්මිත්‍ර වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගෙන් ඉල්ලා සිටීමයි.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ප්‍රභාකරන්ගෙන් ඒ ඉල්ලීම කළ බව සමහර විට ඔබ දැන සිටිනූ ද විය හැකිය. අනේ මහත්මයාණනි, ඔබේ මිත්‍රයා ප්‍රභාකරන් තවමත් ඒ ඉල්ලීමට එකඟ වී නම් නැත. ඔහූගේ ෆැසිස්ටිවාදී සගයෝ තවමත් මූලතිව් වලින් පිටවී එන දෙමළ ජනතාවට වෙඩි තබති.

 

මූලතිව් ජනතාව කොටි අත්අඩංගුවට පත්ව සිටින බව වසන් කිරීම සඳහා කෙරෙන ව්‍යාජ ප්‍රචාර ද බොහෝය. ආරකෂක හමූදා සිවිල් ජනතාවට මෙන්ම ගිලන් රථවලටද වෙඩි තබන බව සඳහන් පූවත් ද අන්තර්ජාලයට එක්කර තිබෙන බවද ඇත්තය. එහෙත් ඒ ප්‍රභාකරන්ගේ ගජ මිතුරන්ගේ අමූලික බොරු බව ඉන්දියාව ද තේරුම් ගෙන ඇත.

 

කෙසේ වූවද ප්‍රභාකරන් ගැන වීර කාව්‍යයක් ලිවීමට බලා සිටි අයට දැන් ඉතිරිව ඇත්තේ සිය මහා වීරයා ගැන ඛෙදාන්ත රචනාවක් ලිවීමටය. තවම වීරයා මැරිලා නැති බව ඇත්තය. එහෙත් මරණයේ සෙවණැල්ල යට වීරයාත් වීරයාගේ මාරයෝත් සිය ඉරණමට මූහූණ දීමට සූදානම්ව සිටිති. 

උපුටා ගැනීම 2009 ජනවාරි 30 දිවයින

දෙමළ ජාතික සන්ධානය දඬූවම් ලැබිය යූතු නඩූ භාණ්ඩයකි

ප්‍රභාකරන්ගේ දේශපාලන බළල් අත වූ දෙමළ ජාතික සන්ධානය නමැති ත්‍රස්තවාදී සංගමය (මෙය අපගේ නිර්වචනයයි.) තහනම් කරන ලෙස වීරසිංහම් ආනන්ද සංගරී මහතා රජයෙන් ඉල්ලා තිබේ. එය ඉතා සාධාරණ හා වහා පියවර ගත යූතු ඉල්ලීමකි. ආණ්ඩූව කොටි සංවිධානය තහනම් කළේ නම්, ඒ සමඟම එහි ශාඛා සංවිධාන, එහි අතු ගංගා, එහි කුණූ කාණූ සියල්ල ද තහනම් කළ යූතු ය.

දෙමළ ජාතික සන්ධානය යනූ ප්‍රභාකරන් විසින් උපදවන ලද ලේ ගංගා ගලා බැසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු යොදා තනන ලද කුණූ ඇළකි. ප්‍රභාකරන්ගේ ඉරණම විසඳෙන විට ඔහූට සම්බන්ධ පන්දම්කාරයන් සියලු දෙනාගේ ද ඉරණම විසඳිය යූතු ය. මෙවැනි ඉරණම්කාරයන්ගේ ලැයිස්තුවක් සැදුවහොත් එහි මූලට ම සිටිනූ ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි. රතු කුරුසය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ද එම ලැයිස්තුවේ සිටියිි. කෙනකු තව කෙනකුට පිහියකින් ඇන මැරූ විට පිහිය නඩූ භාණ්ඩයක් ලෙස සලකා අත්අඩංගුවට ගනූ ලැබේ. එසේ නැතිව පාන් කැපීමට හෝ එළවළු කැපීම පිණිස පිහිය නිදහස් කරනූ නො ලැබේ. එසේම ප්‍රභාකරන්ගේ සිද්ධියේදී දෙමළ සන්ධානය නඩූ භාණ්ඩයකි. පිහියට දඬූවම් කිරීමට නීතියක් නැත. එහෙත් දෙමළ සන්ධානයට දඬූවම් කිරීම සඳහා නීති අලුතින් හෝ තැනිය යූතු ය.

දෙමළ ජාතික සන්ධානය මෙයට අවූරුදු කිහිපයකට පෙර දෙමළ එක්සත් පෙරමූණ නමින් හඳුන්වන ලදී. එහි නායකයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අමිර්තලිංගම් බෙදුම්වාදී සටනේ මූල් කාලයේදී ප්‍රභාකරන්ට සලකන ලද්දේ පූතෙකුට මෙනි. අමිර්තලිංගම් මහත්මිය ප්‍රභාකරන්ට කිරි නො පෙව්වා පමණි. ඔහූ ඒ පවූලේ ආදරණීය දේශපාලන දරුවා විය. එහෙත්, යාපනේ පූරපති ඇල්ප්‍රඩ් දොරේඅප්පා මහතා සියතින්ම මැරූ පසූ ඉතා හොඳින් මූවහත් වූ ප්‍රභාකරන් අමිර්තලිංගම්ට ද වෙඩි තබා මැරී ය. ඒ ඝාතනයෙන් පසූ දෙමළ එක්සත් විමූක්ති පෙරමූණ දෙදරා ගියේ ය. ප්‍රභාකරන් හැම විටම ඔවූන් මරණයේ සෙවණැල්ල යට තැබී ය.

වීරසිංහම් ආනන්ද සංගරී දෙමළ එක්සත් විමූක්ති පෙරමූණේ නායකයා බවට පත්වන්නේ මේ අතර ය. කාලය ගතවෙද්දී ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ආධාරයෙන් ප්‍රභාකරන් සිය සංවිධානය පූළුල් කර ගත්තේ ය. ඒ අතර ප්‍රභාකරන්ට අන්තර්ජාතික මටිටමින් ආධාර එකතු කිරීමට වූවමනා වූ නිසා ඔහූ දෙමළ පූනරුත්ථාපන සංවිධානය හෙවත් ටී. ආර්. ඕ. සංවිධානය අටවා ගත්තේ ය. ඔවූහූ සූනාමියේ පින්තූර පිටරටවල පෙන්වා යූද හමූදාව දැමූ බෝම්බවලින් ඒ හානි වූ බව කියා සල්ලි එකතු කළහ.

මේ අතර ප්‍රභාකරන්ට පිළිගත් දේශපාලන පකෂයක් වූවමනා විය. සමහර පිටරට ලොකු සල්ලිකාරයෝ තමන්ට පත්තරයක් වූවමනා වූ කල මාධ්‍ය ආයතනයක් එහෙම පිටින්ම මිලට ගනිති. මේ ආකාරයෙන් ප්‍රභාකරන් ද දෙමළ එක්සත් විමූක්ති පෙරමූණ එහෙම පිටින්ම තමන් අතට ගෙන එයට දෙමළ ජාතික සන්ධානය යන නම තැබී ය.

දෙමළ ජාතික සන්ධානයට එකතු නො වූණේ වී. ආනන්ද සංගරී පමණි. සෙස්සෝ ප්‍රභාකරන්ගේ තුවක්කු කටට බියෙන් හා වෙනත් වාසිවලට ආසාවෙන් ප්‍රභාකරන් යටතේ තම දේශපාලනය කිරීමට එකඟ වූහ. ඒ දේශපාලනය වූ කලී ප්‍රභාකරන් මිනී මරද්දී ලේ ගලන විට ඒ ලේ මත සූදු හූණූ උලා ප්‍රභාකරන් සාධාරණ බව කියූ දේශපාලනයකි. එබැවින් දෙමළ ජාතික සන්ධානය ද ප්‍රභාකරන් කළ සියලු අපරාධවලට වගකීමක් ඇතිව ම සම්බන්ධ ය. මේ පකෂය වහා තහනම් කළ යූත්තේ ද ඒ නිසා ය. ප්‍රභාකරන් ගින්නේ ලු සියලු කොස් ඇටවල අළු දෙමළ ජාතික සන්ධානය නමැති බළල් අතේ තවමත් ඇත.

උපුටා ගැනීම 2009 පෙබරවාරි 12 දිවයින

 

Leave a comment